මිරිසවැටිය

මිරිසවැටි චෛත්‍යයේ ඉතිහාසය.




දුටුගැමුණු රජතුමා දමිළ පාලනයෙන් රට මුදවා ගැනීම පිණිස රුහුණේ සිට අනුරාධපුරයට පැමිණි යුද ගමන් මගේදි මහා සංඝයාට නොපිළිගන්වා කිසිදු ආහාරයක් නොගත්තේය. එහෙත් එක් දිනක් රජතුමා විසින් මිරිස් වි්‍යඤඡනයක් සහිත ආහාරයක් සංඝයාට නොදී අනුභව කිරීමේ වරදින් නිදහස් වීම සඳහා මරිචවට්ටි හෙවත් මිරිසවැටිය නමින් ධාතු ගර්භයක් සෑදූ බව මහා වංශයේ පෙන්වා දෙයි.


තවද දුටුගැමුණු රජතුමා සොලින් සමග කළ යුද්ධයෙන් ජයගෙන ජල කෙළියේ යෙදීම සඳහා තිසා වැවට යන අතර සධාතුක වූ කුන්තායුධය මිරිසවැටි සෑය පිහිටි තැන පිහිටුවා ගිය බවත්, ආපසු එන විට එය ගෙන යෑමට සැරසුන නමුත්, ඡය කුන්තායුධය පොළවේ ගිලී තිබුණ බැවින් එම සිදුවීම සිහිකිරීම පිණිස කුන්තායුදය වසා සෑය තැනූ බවත් ප්‍රකට කරුණකි.


තවද මිරිසවැටි සෑයට අයත් ආරාම විශාල ප්‍රමාණයක් තිබිණ. පළමුවන ගජබාහු -වෝහාරික තිස්ස - පස්වන කාශ්‍යප සහ මහා පරාක්‍රමබාහු යන රජවරු මිරිසවැටි සෑයට අවශ්‍ය ආරාම ගණනාවක් කරවන ලදී. මෙම ගොඩනැගිලි අතරින් එහි ඇති දානශාලාවේ සහ ප්‍රතිමා ගෘහය වැදගත්ය.මිරිසවැටිය සෑය බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ දී ප්‍රතිසංස්කරණයට භාජනය විය.එහෙත් පුරාවිද්‍යාත්මක නියමයට අනුව කළ තව ප්‍රතිසංස්කරණය වර්තමාන මිරිසවැටි ප්‍රතිසංස්කරණයයි.



මිරිසවැටිය සෑයට අයත් කලා අංග

  • රුවන්වැලි සෑයේ සහ කණ්ඨක  චෛත්‍යයේ වාහල්කඩ හා සමාන රූකම් වලින් යුත් අලංකාර වාහල්කඩ
  • මුරගල-මුල් යුගයට අයත් ඉපැරණි මුරගලකී. පලිහක හැඩයෙන් යුත්මෙහි කිසිදු කැටයමක් නොමැත. එය චාම් මුරගලකි.
  • දන්හල - පැත්තක් අඩි 75 ක් වූ දාන ශාලාවේ අත්තිවාරම් සහ බත් ඔරුව ( දිග අඩි 10 පළල අඩි 3 ගැඹුර 2 )
  • යූප කණු - ශෛලමය යුප කණු දෙකකි.  එකක් අඩිවිස්සක් ද , අනෙක අඩි දහයක් ද වේ.
  • කැටයම් නොකළ සඳකඩ පහණ හා අඩ නෙළුම් මල සහිත සඳකඩ පහණ (සඳකඩ පහණ විකාශන අවස්ථාවකි.)











0 Comments