රුවන් වැලී සෑය.

රුවන් වැලී සැයේ ඉතිහාසය.




අපරටේ තවත් විශේෂ හා සුවිශේෂී දාගැබ් අතරින් ඉතාමත් වැදගත් දේශිය හා විදේශීය අමුත්තන් වැද පුදා ගන්නා  අනුරාධපුර පුඡනීය නගරයේ පිහිටා ඇති  රුවන් වැලී සැය හෙවත් ස්වරුණමාලී මයා සෑය යන නම් වලින් හැදින් වෙන ධාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරිරික චෛත්‍යකි.

ශාරිරික චෛත්‍යක් යනුවෙන් හැදින් වෙන්නේ මෙම ගර්භය තුළ (i) ධාතුන් වහන්සේලා, (ii)ධාතු නිදන් කල දාගැබ, (iii)ධාතු තැම්පත් කරවු යන කරැනු ත්‍රිත්වයම මෙම ධාගැබ තුළ නිදන් කිරීම නිසාය.”


මෙය අතීත මහා විහාරයයි. මහා විහාරය යනු, ලක්දිව මුලින්ම තැනු මහා වියාරය වේ. මහා විහාර යනු වෙන් හැදින් වීමට හේතුව තවමත් උගතුන් සොයා ගෙන නැති අතර මෙය කුමන අංගයක් යන්න මොවුන් අතර මතභේද පවතී. අනුරාධපුර නගරයේ සොළොස්මස්ථාන හා අටමස්ථාන අතරින් එකකි.

සුවිශේෂීත්වය.


අනුරාධපුර යුගයේ ක්‍රි.පු දෙවන සියවසයේ ( ක්‍රි.පු 161 – 137 ) දුටුගැමුණු රඡු විසින් ඉදකිරීම ආරම්භ කල නමුත් ඔහුගේ මියයෑම හේතුවෙන්  සිය සොයුරු සද්ධාතිස්ස රඡු විසින් නිමකල රත්නමාලී මහා සෑය ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂී ධාගැබ වේ. එනම් දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම තෙක් රුවන්වැලී සෑය ලක්දිව වඩාත්ම පුඡනීය ශාරිරීක චෛත්‍ය වේ. මෙය දළදා වහන්සේට හා දළදා මාළිගාවට හිමි වන අතර, කැරැලල මත වු රන් කොත අඩි 24 උස වේ. පසුව  ගරා වැටී තිබූ චෛත්‍ය අද තිබෙන තත්වයෙන් පිළිසකර කරනු ලද්දේ විසිවන ( 20 ) සියවසයේ මුල්බාගයේ දීය.

භෞතිත ලක්ෂණ.

  • උස අඩි 338 කි. එනම් මීටර 103 (m) වේ.
  • අඩි 942 එනම් මීටර 287.1 (m) විෂ්කම්භයකින් යුක්ත වේ.
  • මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකකි.
  • ඝර්භය පාමුළ වටප්‍රමානය අඩි 807 කි.

අන්වරථ නාම.

  • මහා සෑය.
  • රුවන්වැලි මහා සෑය.
  • රත්නමාලි මහා සෑය.
  • හේමමාලි මහා සෑය.
  • අසදෘශ මහා සෑය.
  • ස්වර්ණපාලී මහා සෑය

ධාතු තැම්පත් කිරීම.

සම්බුද්ද පරිනිර්වනයනේ පසුව රටවල් අටක නරපතියන් විසින් සැම රටකම ධාතුන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙන ගොස් ස්ථුප වල නිදන් කරවා වන්දනා මාන කරන ලදි රාමාගම නම් ග්‍රාමයේ නිදන්  කර තිබු ධාතුන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය මේ අනුව රුවන්වැලි මහා ස්ථුපයේ නිදන් ගත කිරිමට නියම කල බව මුලාශ්‍රයන් හි සදහන්ව ඇත.

දුටුගැමුණු රඡතුමා විසින් ඇසළ පුන් පොහෝදින උත්තරාසීහ නැකතින් ස්වර්ණමාලී ස්ථුපයේ ධාතු නිදානය කිරිමට නිල උත්සවයක් සංවිධානය කල  බවත්, පුර පසළොස්වක දිනට පෙර දින සංඝරත්නය බැහැ දැක වැද නමස්කාර  කර පසු දින ධාතු නිධන් කිරිමට සුදානම් කර ඇකි බවට මතක් කරමින් ධාතුන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. සංඝයාවහන්සේගේ දැනුම් දිමෙන් පසුව සෝඋත්තර නම් වු ආදුනිකයන් වහන්සේ සෘධි බලයෙන් ධාතුන් වහන්සේලා රැගෙන වැඩම කලහ. ඉන්පසු සංඝයා වහන්සේගෙන් ධාතුන් වහන්සේලා පිලිගත් දුට්ඨ ගාම්ණි රඡතුමා විසින් එය රනින් නිමකළ බදුනක බහා තම හිස මතට ගෙන අනේක විද දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය  මන්ඩපයෙන් පිටත් විය. ඔහු තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙණහිර දිශාවෙන් ඇතුළු වී උතුරු දෙසට මුහුනලා පිළියෙල කර තිබු රිදි සයනයක ධාතු මංඡුසාව තැම්පත් කලවිට බුදුරඡානන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහ සෙයියාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතුන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වුහ. ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථුපයේ නිදන් ගත වීම සම්පුර්න වු පසු උත්තර සහ සුමන සාමණේර වහන්සේලා විසින් පියනක් ලෙස පසු පාවිච්චි කිරිම සදහා කලින් සඟවා තිබු ගල් ආවරණයකින් ධාතු ඝර්භය වසා දමන ලදි.


මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වා, ධාතු ගර්භයේ එකදු සිරිමක් නොවේවා, ගිතෙල් වලින් ගල්වන ලද පහන් නොනිමේවාෙ, එදින පූජා කළ පිචිච මල් ආදි මල් වර්ග  ගෞතම බුද්ධ ශාසනය අවසන් වනතුරු මැල නොවේ වා, සදුන් සහ සුවද විළවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවාපූජා කළ රන් භාණ්ඩවල මළ නොබැදේවා.මේ සියලු ප්‍රාර්ථනා විය. "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි " අධිෂ්ඨාන කළහ තවද දුට්ටගාමිණි රජුගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

ඉදිකිරීම්.

පුරාණ ග්‍රන්ථ හා සෙල්ලිපි වල සඳහන් පරිදි, අනුරාධග්‍රාමයට

  • යොදුනක් ( දුර මනින මිම්මක් ) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදීයේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
  • යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
  • යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
  • යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
  • යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
  • යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.

  • යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.


අඩිතාලම.

  • භූමිය සමතලා කරන ලදී.
  • එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
  • එහි යුධ සෙබළුන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
  • ගල් මිටියෙන් කඩන ලදී.
  • කැඩු ගල් ඇතුන් ලවා පාගවන ලදී.

එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද. රළු බදාමය මත තිරුවාණද, තිරුවාණ මත යකඩ ඡාලයක්ද, යකඩ ඡාලය මත සුවඳැති මැටිද, සුවඳැති මැටි මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදි

ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

විශේෂතා.

දුටුගැමුණු රඡුගේ අභාවය.


විසි සතර (24) වසරක් ලකදිව පාලනය කල දුටුගැමුණු රඡතුමා ඔහු විසින් කරනලද පිං ඇතුලත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව උපත ලද තුසිත දෙවිලොව ඉපදුනේය.

සද්ධා තිස්ස රඡුගේ අභාවය


දුටුගැමුණු රඡුගේ සහෝදර සද්ධා තිස්ස රඡතුමා සෑයේ ඉතිරි කොටස නිමා කර මරණයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුනේය.

















0 Comments