ථූපාරාම චෛත්‍ය යේ ඉතිහාසය.
ලංකාවට බුදු සමය ගෙන
ඒමෙන් පසු කළ ප්‍රතම චෛත්‍ය ථූපාරාමය බව වංශකතාවල සදහන් වේ. දේවනම් පියතිස්ස ( ක්‍රි.පු
250-210) රඡු විසින් දකුණු අකු ධාතුව නිධන් කර ධාන්‍යාගාර හැඩයෙන් නිම කළ ලදැයි
මහාවංශයේ සදහන් වේ.මේ ස්ථානය පණ්ඩුකාභය රඡ දවස පමෝඡ හෙවත් මහේඡ නම් යක්ෂයාගේ
දේවස්ථානය ලෙස භයසමප්‍රයුක්ත ගෞරවයට පාත්‍රව තිබූ ස්ථානයෙහි ථූපාරාමය පසු කළෙක
කරවු මහාසෑ මෙන් ක්‍රමවත්ව තැනුවක් නොවේ. වී ගොඩක ආකාරයෙන් තැනුවකි. එය ප්‍රමානයෙන්
කුඩාය. මෙහි නිධන් කරනු ලැබුවේ දකුණු දකු ධාතුවයි. 1862 අනිතිම වරට කරනු ලද ප්‍රතිසංස්කරණයෙන්
පසු ඝංඨාකාර හැඩයක් ගෙන තිබේ. විශ්ඛම්භය අඩි 59 කි. උස අඩි 63 කි. පැරණි සෑය මේට
වඩා කුඩාවිය යුතුය.දෙමහල් වටදාගෙයක් තිබුණු බව ශේෂව ඇති ( ඉතුරුව ඇති ) ගල්කණු
ශාක්ෂී දෙයි. නව ප්‍රතිසංස්කරණයෙන් දාගැබේ හා මළුවේ පෞරාණික තත්වය වෙනස් වී
තිබේ.
චේතිය ඝර
චෛත්‍ය නිර්මාණය වීමෙන්
අනතුරුව චෛත්‍ය ආවරණය වන සේ චෛත්‍ය වටා ගෘහයක් ඉසිකිරිම ඇරඔිණ. මෙසේ ඉදිවු ගෘහය,
- චේතිය ඝර
- ථුප ඝර
- වටදා ගෙය
යන නම්වලින් හැදින්
විය.චේතිය ඝරය අනුරාධපුර යුගයේ බිහි වු ගෘහ නිර්මාණ කළාවේ මහිමය කියාපාන නිදසුනකි.
අනුරාධපුරයේ මහමෙවුනිවේ
ඉදිවු චේතිය ඝරය ථූපාරාමයයි. එකකේනද්‍රිය ව සිටු වු ගල් කණු පේළි සතරක් ( මත පියස්ස
ඉදිකර තිබිණ. පිටත කොටස බැවුම්
සහිතවත් මද්‍යම කොටස වෘත්තාකාර හැඩයකින් යුක්ත විය යි පරවිතාන මහතා අදහස්
කරයි.
චෙතියඝර ඉදිකරන ලද්දේ කුඩා චෛත්‍ය සදහාය. ථුපාරාමයේ ඉදිවිණ යැයි සැලකෙන චෛත්‍ය
ඝරය අද දක්නට ඇති චෛත්‍ය හා නොසැසදේ. මන්ද
මෙම චෛත්‍ය ප්‍රමාණයෙන් විශාල බැවිනි. චෙතිය ඝරය ඉදිවන්නට ඇත්තේ මෙහි මුලින් පැවති
ධාන්‍යාකාර හැඩයෙන් යුතු වු කුඩා චෛත්‍ය වටා ය.
මෙවැනි චෛත්‍ය ඝර
කිහිපයක් අනුරාධපුරෙන් හමු වේ. ලංකාරාමය මින් එකකි. මිහින්තලයේ අම්බස්තල දාගැබද
චේතිය ඝරයකින් යුකුත වු චෛත්‍ය කි.
ථුපාරාම චෛත්‍ය අවටින් හමු වු වෙනත් චෛත්‍ය හා ගොඩනැගිලි.
පාදලාන්ඡන
ස්ථූපය.
ථුපාරාම ස්ථූපයට නැගෙණහිරින්
ඒ අවට ලගින් ම පිහිටා ඇති කුඩා නටබුන් සුථුපය ගෞතම බුදුරඡාණන් වහන්සේ ථුපාරාමය
පිහිටි ස්ථානයේ වැඩ හිඳ දම් දෙසා අහසව
වැඩි ස්ථානය සිහිවීම සදහා තනන ලඳ පාදලාන්ඡන ස්ථූපයක් ලෙස හදුනාගෙන ඇත.
නාඳලු ළිද.
නටබුන් අතර
පැරණි ළිදක් දැකිය හැකිය. පැරණියන් නාඳලු ළිද නමින් ව්‍යවහාර කරනු ලබන මෙය විහාරයේ
කටයුතු සදහා ඡලය ලබා ගත් පැරණි ළිදක් යැයි පැවසේ.
පැරණි
රෝහල.
බෙහෙත් ඔරු
නමින් යුත් ශෛලමය ඔරුවක් හැඩයට තනන ලද ගල් කර්මාන්තයක් ථුපාරාම ස්ථූපය දෙසට
කිට්ටුව දැකිය හැක.එම ඔරුව පිහිටා ඇත්තේ ථූපාරාමයට අයත් ආරෝග්‍ය ශාලාවේ නෂ්ඨාවශේෂ
( නටබුන්) අතරය.
චෛත්‍ය නිර්මාණයට දායකත්වය.
- ලක්ඳ්ඡතිස්ස රඡු ස්ථුපයට ශෛලමය කන්චුකයක් කරවිය.
- වසබ රඡු විසින් ථූප ඝරය ඉදි කරවන ලදි.
- ඝෝඨාභය රඡු විසින් ථූප ඝරය අලුත් වැඩියා කර විය.
- පළවනි (i) උපතිස්ස රඡු විසින් සථූපයේ කොතට ( ථූප ඝරයේ කොත විය යුතුය ) රන් තහඩුවක් යෙදවිය.
- ධාතුසේන රඡු විසින් අලුත් වැඩියා කර විය.
- දෙවනි අග්බෝදි රඡු විසින් ස්ථූපය හා ථූප ඝරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර විය.( එම අවස්ථාවේ අකුධාතුන් වහන්සේ තාවකාලිකව ඉවත් කරන ලදි. ) ධාතු ඝරය ප්‍රතිසංස්කරණයෙන් පසු යලික් එහි ධාතුන් වහන්සේ තැම්පත් කරනු ලැබුහ. තවත් නව ධාතු කරඩුවක් එහි තැම්පත් කලහ.
- දෙවන කස්සප රඡු චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර විය.
- ථුපාරාමය ප්‍රාසාදයක් කරවුයේ දෙවන උයද රඡුය.
ගෘහ නිර්මාණශිල්පය
එකකේනද්‍රිය ව සිටු වු
ගල් කණු පේළි සතරක් ( ගල් කණු පේලි 4 ) මත පියස්ස ඉදිකර තිබිණ. මෙම ගල් කණු පේළි
සතර උසින් එකිනෙකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම්
වර්ගයට අයත් එවා බව සදහන් වේ. ටැම් හිස් වල ඇති
කැටයම් එකිනෙනකට වෙනස් ආකාරයකට භාවිතා කර ඇති
බව මෙහිදි දැක ගත හැකිය. පළමු හා දෙවන
පේළි වල ඇති ටැම් හිස් කැටයම් ඝණ රුප
වලින් ද තෙවන පේලියෙහි ඇති ටැම් හිස් කැටයම්
පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ඇති ටැම් හිස් කැටයම් මල් ලිය වැල් වලින් ද
අලංකාර කර ඇත. දාගැබට පිවිසීමට
තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති, මුරගල්, කොරවක්ගල් හා සදකඩපහන ද අලංකාර නිර්මාණය නර ඇත.
0 Comments